
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
NVQ සහතිකපත්‍ර පාඨමාලා පිරිනමන ආයතන 81ක් පමණ ප්‍රමිතියෙන් තොරවීම හේතුවෙන් මේ වන විට අත්හිටුවා ඇති බව කෝප් කමිටුවේ තෘතීයික අධ්‍යාපනය පිළිබඳ අනුකමිටුව අනාවරණය කරයි.
එම ආයතනවල නම් පුවත්පත් නිවේදන මගින් ප්‍රකාශයට පත්කිරීමට සහ ඒවා තහනම් කිරීමට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නිසි යාන්ත්‍රණයක් සකස් කරන ලෙස අනුකාරක සභාව නිර්දේශ කර තිබේ.
අනුකමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ සහ අධ්‍යාපන අමාත්‍යාංශය, තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය, වෘත්තීය පුහුණු අධිකාරිය, වැනි ආයතන රැසක නියෝජිතයන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී එම අනුකාරක සභා රැස්විය.
ව්‍යාජ NVQ සහතික හඳුනාගෙන වැරදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමේ අවශ්‍යතාව ද කමිටුව අවධාරණය කළේය.
සහතිකයේ QR කේතය හරහා ව්‍යාජ සහතික හඳුනාගත හැකි වුවද නීතිමය පියවර ගැනීමට පනතේ අඩුපාඩු පවතින බවත්, එම නිසා එම අඩුපාඩු නිවැරදි කිරීම සඳහා අදාළ පනත සංශෝධනය කිරීමට උපදෙස් දුන් බවත් කමිටුව පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart