
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට විශ්වවිද්‍යාලයක සිසු සිසුවියන් 250 දෙනෙක් සම්බන්ධ කර ගනිමින් ඡන්දය පාවිච්චි කිරීම සම්බන්ධයෙන් පසුගිය වසරේ දී සමීක්ෂණයක් කළ බවත්, ඒ අය අතරින් 80%ක් තමන්ගේ ඡන්දය පාවිච්චි කරනු ලැබ තිබුණේ ‘අම්මා හෝ තාත්තාගෙන් විමසා’ බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.
වර්තමානයේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව අතරද දේශපාලනය හා සම්බන්ධ න්‍යායන් පිළිබඳ විධිමත් කතාබහක් නොමැති බවට මෙය කදිම උදාහරණයක් යයිද හෙතෙම කීය.
මැතිවරණ වියදම් නියාමන පනත සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවැති රැස්වීමක දී සමන් රත්නායක මේ බව පැවසුවේය.
දශක කිහිපයකට පෙර තම මාපියන්ගේ ඡන්දය පවා හැරවීමේ ශක්තියක් විශ්වවිද්‍යාල සිසුවාට තිබූ බවත්, අද වන විට ඔවුන්ද ඡන්දය ලබා දිය යුත්තේ කාටද යන්න සම්බන්ධව මාපියන්ගෙන් අසා තීරණ ගන්නා තැනට පත්ව ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
එහි දී සමන් ශ්‍රී රත්නායක වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසුවේය.
“අපේ රටේ දේශපාලනය ගැන කතා කරන්නේ මැතිවරණ සමයක දී පමණයි. දේශපාලනය සහ මැතිවරණය කියන්නේ එකක් නොව දෙකක් කියන එක අපි තේරුම් ගත යුතුයි. පාසල් අධ්‍යාපනය තුළ අද පුරවැසි අධ්‍යාපනය බාස්කට් සබ්ජෙක්ට් එකක්. ළමයා හොඳ පුරවැසියෙක් වුණත් නැතත් කමක් නැහැ දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් වෙන්න ඕන කියන තැන තමයි අපි ඉන්නේ. ඒ අරමුණින් අපි ළමයාට උගන්වනවා. හොඳ පුරවැසියෙක් වෙන්න එයාට කියලා දෙන්නේ නැහැ. ඒ නිසා තමයි බොහෝ අය තමන්ගේ වෘත්තිය තුළ සමාජ වගකීමෙන් තොරව කටයුතු කරන්නේ. පුරවැසියා හදන ක්‍රියාවලිය විධිමත් අධ්‍යාපනය තුළ නැහැ. මාධ්‍ය තුළ වුවත් අද දේශපාලන න්‍යායන් මතවාද ගැන කතා කරන්නේ නැහැ. විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මතුපිටින් දේශපාලනයක් දකින්නට ලැබුණත් අභ්‍යන්තරික වශයෙන් පුළුල්කතිකාවක් සිසු දරුවන් අතර නැහැ.
ජනතා මතය වෙනස් කරන්න දේශපාලන පක්ෂ හා අපේක්ෂකයෝ විශාල මුදලක් වැය කරනවා. මේ මුදල් ඔවුන්ට ලැබෙන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක්. මුල් කාලයේ ඥාතියෝ මිතුරෝ දුන්නා. පසුකාලයේ ව්‍යාපාරිකයෝ කිහිප දෙනෙක් උදව් කළා. මේ වනවිට අපේක්ෂකයින්ට මුදල් ලැබෙන ක්‍රම බොහොමයක් තිබෙනවා. මේ මුදල් ලැබෙන ක්‍රම ප්‍රසිද්ධ කරන්නෙත් නැහැ. කවුරුවත් අත ලෙව- කන්න මීයක් කඩන්නේ නැහැ. කුමන හෝ අරමුණක් ඇතිව තමයි අපේක්ෂකයින්ට මුදල් දෙන්නේ. අපේක්ෂකයෝ මේ මුදල් ජනතා මතය වෙනස් කරන්න යොදවනවා. මේ නිසා බලයට පැමිණි පසු අපේක්ෂකයාගේ හෝ පක්ෂයේ දේශපාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න අසීරු වෙනවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart