
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජාතීන්ගේ ආයතන පහක් විසින් ඊයේ (12) දියත් කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ 2022 වසරේදී ලොව පුරා මිලියන 783 ක ජනතාවක් සාගින්නෙන් පෙළී ඇති බවයි.
මෙය කොරොන වයිරස් වසංගතය ආරම්භවීමට පෙර, 2019 වසරට සාපේක්ෂව මිලියන 122 ක වැඩිවීමකි.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය, කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වූ අන්තර්ජාතික අරමුදල, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ලෝක ආහාර වැඩසටහන එක්ව මෙම අධ්‍යයනය සිදුකර ඇත.
කුසගින්නට බලපාන වත්මන් ප්රවණතා එලෙසම පවතී නම් 2030 වන විට කුසගින්න නිමා කිරීමේ තිරසාර සංවර්ධන ඉලක්කය අත්පත් කරගැනීමට ලෝකයට නොහැකි වනු ඇති බව එමගින් වැඩිදුරටත් අනතුරු අඟවා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart