
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අද (01) උදෑසන 6.30 සිට ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.
වෛද්‍යවරුන්ට ලබාදුන් රු. 35,000 දීමනාව තමන්ට ද ලබා දෙන්නැයි ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති මෙම වැඩවර්ජනයට එක්වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සමකැඳවුම්කරු රවී කුමුදේශ් පවසයි.
ඊට අදාළව මීට පෙර ද වැඩවර්ජනයක නිරතවුවත් ඔවුන්ගේ ඉල්ලීම්වලට රජය කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් මේ පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
කෙසේවෙතත් අද පැවැත්වෙන සෞඛ්‍ය වර්ජනය සඳහා සමස්ත ලංකා හෙද සංගමය සහාය ලබානොදෙන බව එම සංගමයේ සභාපති රවින්ද්‍ර කහඳවආරච්චි පවසයි.
ඔහු මේ බව පැවසුවේ, ඊයේ පස්වරුවේ මල්වතු මහා විහාරයට පැමිණීමෙන් අනතුරුව ජනමාධ්‍යයට අදහස් දක්වමිනි.(News 1st)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart