
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් අරමුදල් සපයන ලද සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ රෝග වැළැක්වීමේ සෞඛ්‍ය සේවා සඳහා භාවිත කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත ඊයේ නිල වශයෙන් ඩබල් කැබ් රථ හතක් ලැබිණි.
එම එක් එක් වාහනයේ වටිනාකම රුපියල් මිලියන 22කි.
අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති උත්සවයකදී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වාහන භාර දුන්නේය.
වරල්ලගම සහ ගඟවට කෝරලේ (මහනුවර දිස්ත්‍රික්කය), හොරොව්පතාන (අනුරාධපුර දිස්ත්‍රික්කය), මහියංගනය සහ බණ්ඩාරවෙල (බදුල්ල දිස්ත්‍රික්කය), නිවිතිගල (රත්නපුර දිස්ත්‍රික්කය) යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සහ කොළඹ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය වෙත කැබ් රථ වෙන් කරන ලදී.
මධ්‍යම, උතුරු මැද, ඌව සහ සබරගමුව පළාත්වල රෝග වැළැක්වීමේ සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීම සඳහා සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මීට පෙර වාහන 45ක් මිලදී ගෙන තිබිණි.
මෙයින් කැබ් රථ 38ක් 2022 ජනවාරි මාසයේදී බෙදා දෙන ලද අතර ඉතිරි හත ඊයේ භාර දෙන ලදී.
මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, අතිරේක ලේකම්වරුන් වන චාමික ගමගේ, සුනිල් ගලගම සහ ජනක කිත්සිරි ගුණවර්ධන, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දිනිප්‍රිය හේරත්, අධ්‍යක්ෂ (ප්‍රවාහන) නිලංග දිල්හාන් සෝමපාල, ශ්‍රී ලංකාවේ ආසියානු සංවර්ධන බැංකුවේ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් දිසානායක සහ අනෙකුත් අමාත්‍යාංශ නිලධාරීහු සහභාගී වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart