
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජයේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 16,000ක් වෙනුවෙන් දිවයින පුරා නව නේවාසිකාගාර ව්‍යාපෘති 55ක් ක්‍රියාවට නැංවීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් අධ්‍යාපන අංශය පවසයි.
අමාත්‍යාංශයට අනුව, විශ්වවිද්‍යාල සිසුන්ගේ නේවාසික පහසුකම් ඉහළ නැංවීම අරමුණු කරගත් මෙම ව්‍යාපෘති සියල්ල අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙමඟින් සරසවි සිසුන් මුහුණදෙන නේවාසිකාගාර හිඟයට ස්ථිර විසඳුමක් ලැබෙනු ඇති අතර, විශ්වවිද්‍යාල පරිශ්‍රයන් තුළ ඔවුන්ගේ ජීවන තත්ත්වයද සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම මහාපරිමාණ ව්‍යාපෘතිය යටතේ එක් එක් විශ්වවිද්‍යාල සඳහා සැලසුම් කර ඇති නේවාසිකාගාර සංඛ්‍යාව සහ ඒවායේ වත්මන් ප්‍රගතිය මෙසේය:
– සබරගමුව (ව්‍යාපෘති 07 – සිසුන් 2200): මැයි 20 දින ටෙන්ඩර් විවෘත විය.
– රජරට (ව්‍යාපෘති 07 – සිසුන් 2200): මැයි 21 දින මිල කැඳවීම් විවෘත කෙරිණි.
– අග්නිදිග (ව්‍යාපෘති 06 – සිසුන් 2000): මැයි 21 දින ටෙන්ඩර් විවෘත විය.
– ඌව වෙල්ලස්ස (ව්‍යාපෘති 06 – සිසුන් 1800): මැයි 22 දින මිල කැඳවා ඇත.
– නැගෙනහිර (ව්‍යාපෘති 05 – සිසුන් 1600): ලංසු ඇගයීම් මට්ටමේ පවතී.
– ශ්‍රී ජයවර්ධනපුර (ව්‍යාපෘති 04 – සිසුන් 1200): ටෙන්ඩර් ලියකියවිලි සකස් කෙරේ.
– වවුනියාව (ව්‍යාපෘති 04 – සිසුන් 1200): තාක්ෂණික ඇගයීම් වාර්තාව සකස් කෙරේ.
– වයඹ (ව්‍යාපෘති 04 – සිසුන් 1200): ටෙන්ඩර් ලියකියවිලි සකස් වෙමින් පවතී.
– රුහුණ (ව්‍යාපෘති 04 – සිසුන් 800): භූමිය සකස් කිරීමේ කටයුතු 75%ක් අවසන්ය.
– යාපනය (ව්‍යාපෘති 02 – සිසුන් 600): යෝජනා ඇගයීමට ලක් කෙරේ.
– මොරටුව (ව්‍යාපෘති 02 – සිසුන් 400): මැයි 17 දින ලංසු විවෘත විය.
– ත්‍රිකුණාමලය (ව්‍යාපෘති 02 – සිසුන් 400): මැයි 27 දක්වා මිල කැඳවීම් සිදු විය.
– ගම්පහ වික්‍රමාරච්චි (ව්‍යාපෘති 02 – සිසුන් 400): සැලසුම් අනුමත වී ඇති අතර භූමියක් තෝරා ගැනේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart