
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වාහන ආනයනය සඳහා භාවිත කළ රේගු සටහන් සාවද්‍ය ලෙස යොදාගනිමින් ලියාපදිංචි කළ යතුරුපැදි 3,955ක් ඇතුළුව යතුරු පැදි හා වෙනත් වාහන 5,449ක් ගෙන්වීමෙන් රජයට රුපියල් කෝටි දහස් ගණනක ආදායමක් අහිමි කර ඇති බව රජයේ ගිණුම්කාරක සභාවේදී (කෝපා කමිටුවේදී) අනාවරණය විය.
වසර ගණනාවක් තිස්සේ මේ අක්රමිකතාව සිදුව ඇති බව ද මෙහිදී හෙළි වී තිබේ.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවා සිදු කළ විමර්ශන පිළිබඳව කෝපා කමිටුව නිකුත් කළ වාර්තාවේ මේ තොරතුරු ඇතුළත් වේ.
එම වාර්තාවට අනුව යතුරුපැදි 3,955ක් ලියාපදිංචි කර තිබෙන්නේ පෙර භාවිත කළ රේගු සටහන්කර 79ක් ව්‍යාජ ලෙස යොදා ගනිමිනි. එම වාර්තාවට අනුව ඉහත කී යතුරුපැදි 3,955 ලියාපදිංචි කිරීමේදී යතුරුපැදි 120ක් ආනයනය කළ රේගු සටහන්කර 72ක් මඟින් යතුරුපැදි 1,977ක්ද, කිසිදු යතුරුපැදියක් ආනයනය නොකළ රේගු සටහන්කර 7ක් පෙන්වා එයින් යතුරුපැදි 2,098ක්ද, ආනයනය කළ බවට සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇත.
එසේම රේගු බදු නොගෙවා ආනයනය කරන ලද වාහන 158ක් ලියාපදිංචි කිරීමේදී ආගමික ස්ථාන සඳහා ලබාදුන් බලපත්‍ර සාවද්‍ය ලෙස යොදාගෙන ඇති බවද හෙළි වී තිබේ. රේගු බදු නොගෙවා ආනයනය කළ යතුරුපැදි හා අත්ට්‍රැක්ටර් 302ක් ලියාපදිංචි කිරීමේදී පාවිච්චි කරන ලද යතුරුපැදි ආනයනය කළ රේගු සටහන් කර යොදාගෙන ඇති බවටද තොරතුරු ඉදිරිපත් වී ඇත.
රේගු බදු නොගෙවා ආනයනය කළ ටොයොටා ඇලියොන්, ප්‍රමියෝ, ටොයොටා කොරොල්ලා, ප්‍රාඩෝ, ටොයොටා ලෑන්ඩ් කෘෘෂර්, මිට්සුබිෂි මොන්ටෙරෝ හා අක්ෂියෝ වර්ගවල වාහන 49ක් ලියාපදිංචි කිරීමේදී යතුරුපැදි, යතුරුපැදි අමතර කොටස් හා වෙනත් වාහන ආනයනය කරන ලද රේගු සටහන් කර සාවද්‍ය ලෙස උපයෝගි කරගෙන ඇති බවද මෙමඟින් හෙළි වේ.
එලෙස වාහන රැසක් රේගු බදු නොගෙවා වංචනික ලෙස ආනයනය කර ලියාපදිංචි කිරීමේදී රජයට විශාල බදු ආදායමක් අහිමි කර ඇති අතර, තවත් වාහන රැසක් අඩු රේගු බදු සංයෝජිත කාණ්ඩ යටතේ ආනයනය කර ලියාපදිංචි කර බදු වංචාවක් කර ඇති බවද කෝපා කමිටුවේදී වැඩිදුරටත් අනාවරණය විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart