
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට 2020 සිට 2024 දක්වා කාලය තුළ දුම්රියේ ගැටීමෙන් අලි ඇතුන් 53 දෙනෙකු මිය ගොස් 17 දෙනෙකු තුවාල ලබා ඇති බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී අනාවරණ වී තිබේ.
2023 විගණකාධිපති වාර්තාව සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ වත්මන් ක්‍රියාකාරිත්වය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී මේ බව අනාවරණය විය.
2018 වසරේදී සිදු කළ අධ්‍යයනයකින් අලි හරස් මාර්ග දුම්රිය මාර්ග හා ඡේදනය වන අධි අවදානම් කලාප හඳුනාගෙන ඇති නමුත් දුම්රිය සහ අලි ගැටීම් සංඛ්‍යාව අඩු වී නොමැති බව ද එම කාරක සභාවේදී අනාවරණ වී තිබේ.
මේ වන විට දිනකට අලින් 200කට ආසන්න සංඛ්‍යාවක් දුම්රිය මාර්ග අසල ගැවසෙන බැවින් තත්ත්වය තවත් උග්‍ර වී ඇති බව නිලධාරීහු එහිදී පැවසූහ.
මෙම ගැටළු සඳහා කෙටිකාලීන විසඳුම් ක්‍රියාවට නංවා ඇති අතර දීර්ඝ කාලීන ක්‍රියාමාර්ග හඳුන්වාදීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කරමින් සිටින බවද ඔවුන් වැඩිදුරටත් පැවසූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart