
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපතිවරණ සමයේදී නිකුත් කළ මත්පැන් හල් බලපත්‍ර (බාර් ලයිසන්) 50ක්අත්හිටුවා ඇති අතර ඒවා නැවත නිකුත් කිරීමට හෝ අවලංගු කිරීමට පෙර සමාලෝචනය කිරීමට නියමිත බව වාර්තා වේ.
මැතිවරණයට පෙර දේශපාලන සබඳතා මත විවිධ පුද්ගලයන්ට එවැනි බලපත්‍ර 50ක් පමණ නිකුත් කර ඇති සුරාබදු දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
එම බලපත්‍රලාභීන් කිහිප දෙනෙකු ඒවා අවලංගු නොකරන ලෙස ඉල්ලීමක් කර ඇති නමුත් තීරණයක් ගැනීමට පෙර රජය ඒවා පරීක්ෂා කරන බව ද වාර්තා වේ.
අදාළ බලපත්‍ර ලබාගැනීමට බලාපොරොත්තු වන පුද්ගලයන් සඳහා නව මාර්ගෝපදේශ නිකුත් කිරීමටද දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී.
තැබෑරුම් විවෘත කිරීම සම්බන්ධයෙන් මහජන විරෝධතා ඇත්නම් අයදුම්පතක් සළකා බැලීමේදී ඒවා සැළකිල්ලට ගන්නා බව ද වාර්තා වේ.
නව මත්පැන් හල් බලපත්‍ර නිකුත් කිරීමට පෙර ප්‍රදේශවාසීන්ගේ අදහස් මෙන්ම ආගමික සිද්ධස්ථාන සහ පාසල්වල අදහස් ද සැළකිල්ලට ගනු ලැබේ.
සංචාරක ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ට එම කලාප සඳහා මෙය අත්‍යවශ්‍ය වන බැවින් ඒවාට ප්‍රමුඛත්වය දීමටත් දැනට තිබෙන තැබෑරුම් ක්‍රමානුකූලව ඉවත් කිරීම සඳහා අධ්‍යයනයක් කිරීමටත් සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart