
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
Domino’s පීසා අලෙවිසැල් ජාලය සිය පානදුර අලෙවිසැල විවෘත කිරීමත් සමග, මෙරට ශීඝ්‍රයෙන් අලෙවිසැල් 50ක් විවෘත කළ පීසා අලෙවිසැල් ජාලය බවට පත්වීම වෙනුවෙන් ඔවුන් Child Action Lanka හරහා දරුවන් වෙනුවෙන් ආහාරවේල් 5,000ක් පරිත්‍යාග කිරීමට කටයුතු කර තිබේ.
මේ සඳහා වූ අවබෝධතා ගිවිසුමට Domino’s සහ Child Action Lanka යන දෙපාර්ශවයම අගෝස්තු 03 වැනිදා අත්සන් තබා ඇත.
මෙම අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින්, ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංගලාදේශය සඳහා Domino’s ප්‍රධාන නියෝජිත Jubilant FoodWorks Limitedහි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සමීර් ඛෙත්‍රපාල් මෙසේ සඳහන් කර තිබේ.
“ශ්‍රී ලංකාව තුළ Domino’s අලෙවිසැල් 50 ක් විවෘත කිරීමට හැකි වීම අපට මහත් සතුටක්. අප උණුසුම් ලෙස පිළිගත් ශ්‍රී ලාංකික ජනතාවට අපගේ කෘතවේදීත්වය පළකිරීමට මෙය හොඳම අවස්ථාව බව අප විශ්වාස කරනවා. Child Action Lanka සමග එක් වී දරුවන්ගේ ජීවිත වඩාත් යහපත් කිරීමට දායක වීම අපගේ අරමුණයි.”
“ශ්‍රී ලංකාව තුළ සීඝ්‍ර දියුණුවක් අත්කර ගැනීමට හැකි වීම මෙන්ම, සුභවාදී අනාගතයක් අප හමුවේ තිබීම අපට මහත් සතුටක්. රටේ ජනතාවට හා ආර්ථිකයට අත්වැලක් වීම සඳහා, අප භාවිතා කරන අමුද්‍රව්‍ය අතරින් සියයට 55ක්ම දේශීයව සපයා ගන්නා අතරම, සුවිශේෂී toppings වර්ග හඳුන්වා දෙමින් පාරිභෝගිකයන්ට සැබෑම පීසා අත්දැකීමක් තිළිණ කිරීමට අප පියවර ගෙන තිබෙනවා.
අපගේ 50 වැනි අලෙවිසැල විවෘත කිරීමත් සමග, රට පුරා තවදුරටත් ව්‍යාප්ත වෙමින්, ශ්‍රී ලාංකිකයන් සඳහා රැකියා සහ වෙනත් වටිනා අවස්ථා රැසක් නිර්මාණය කරන අතරම, හොඳම පීසා අත්දැකීමක් සමගින් පාරිභෝගිකයන්ට විශිෂ්ට සේවාවක් ලබාදීමට කැපවීම අපගේ අරමුණයි.” Jubilant FoodWorks Sri Lankaහි මෙරට ප්‍රධානී සහ අධ්‍යක්ෂ ඉරංග ධර්මවර්ධන සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart