
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන සුවසැරිය ගිලන් රථ සේවා සඳහා සම්පූර්ණ පහසුකම් සහිත නව ගිලන් රථ 50 ක් පරිත්‍යාග කිරීමට ඉන්දියාවේ ටාටා සමාගමේ නව සභාපති නටරාජා චන්ද්‍රසේකරන් තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඒ බව ඔහු විසින් මෙරට සුවසැරිය නිර්මාතෘ හිටපු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාට දැනුම් දී ඇතැයි ‘දේශය’වාර්තා කරයි.
දැනට සුවසැරිය සේවාව සතුව ගිලන් රථ 297ක් තිබේ.
ඒවා මගින් දිනකට හදිසි රෝගීන් 1050 කට පමණ සේවාව සැපයිය හැකිය. ඉතාමත් කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වන සුවසැරියට දිනකට මිනිස් ජීවිත 50 ක් පමණ ජීවිත අනතුරුවලින් බේරාගත හැකි වන බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාප්‍රකාශ කර ඇත.
සුවසැරිය සඳහා මූලික වශයෙන් ටාටා සමාගම මුලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 23 ක පරිත්‍යාගයක් ලබාදුන්නේය.
එමගින් අදාළ ගිලන් රථ මිල දී ගෙන තිබේ.
මෙම සේවාව දීපව්‍යාප්තව පවත්වාගෙන යෑම සඳහා වසරකට රජය විසින් රුපියල් කෝටි 400 ක පමණ වියදමක් දරනු ලැබේ.
පසුගියදා සුවසැරිය සේවාව අධ්‍යයනය කළ ලෝක බැංකු නිලධරයන් ප්‍රශංසාත්මකව ප්‍රකාශ කළේ, ලොව දැනට ක්‍රියාත්මක තාක්ෂණයෙන් ඉහළ වේගවත්ම ගිලන් රථ සේවාවන්ගෙන් එකක් ලෙස සුවසැරිය හඳුන්වාදිය හැකි බවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart