
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ක්‍රිකට් ‘චියර් ලීඩර්’ පර්සි අබේසේකරට යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් රුපියල් මිලියන 05ක පරිත්‍යාගයක් පිරිනමා ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් විධායක කමිටුව විසින් මෙම තීරණය ගෙන තිබේ.
“ප්‍රීතිමත් චියර් ලීඩර්වරයෙක් ලෙස ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට පර්සිගෙන් ලැබෙන දායකත්වය අපමණයි. ඔහු ක්‍රීඩකයන්ට සහ සමස්ත ක්‍රීඩාවට ශක්තියේ කුළුණක් වී ඇත. එය ආපසු ලබා දී ඔහුගේ යහපැවැත්ම සොයාබැලීමට අපගේ වාරයයි.”යැයි ක්‍රිකට් ආයතනයේ මොහාන් ද සිල්වා පවසා ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පර්සිගේ සෞඛ්‍ය තත්ත්වය සහ සුවදුක් විමසීම සඳහා ඔහුගේ නිවසට මොහාන් ද සිල්වා ගිය අවස්ථාවේදී මෙම පරිත්‍යාගය භාර දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart