February 5, 2026

දිට්වා සුළි කුණාටුවෙන් එල්ල වූ බලපෑම් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ස්ථාවර නියෝග 27(2) යටතේ පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයෙන් විමසීමක් කර තිබේ.

එහිදී මන්ත්‍රීවරයා ප්‍රශ්න කර ඇත්තේ ආපදා තත්වයෙන් බලපෑමට ලක්වූ මුළු ජනගහනය කොපමණද යන්න සම්බන්ධවයි.

මරණයට පත්වූ සහ අතුරුදන්වූවන්, අවතැන් වූ පවුල්, පූර්ණ වශයෙන් විනාශ වූ හා අර්ධ වශයෙන් විනාශ වූ නිවාස පිළිබඳ දිස්ත්‍රික්ක වශයෙන් බෙදහැරීමක් සිදු කළ හැකිය යන්න සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා විමසා සිටියේය.

එමෙන්ම ඔහු ප්‍රශ්න කරනු ලැබුවේ ආසන්න වශයෙන් 48,000 ක පමණ පිරිසකට තවමත් ඔවුන්ගේ නිවාස වෙත යාමට නොහැකි සිටින බවට පළවන වාර්තාවල සත්‍ය අසත්‍යතාව කුමක් ද යන්නයි.