
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වන අලි මරණ සංඛ්‍යාව විශාල වශයෙන් ඉහළ ගොස් ඇති අතර එය වනජීවී සංරක්ෂණ නිලධාරීන්ගේ කනස්සල්ලට හේතු වී තිබේ.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (ආරක්ෂිත ප්‍රදේශ කළමණාකරන) මංජුල අමරරතේ ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ, 2023 වසරේදී වන අලි 470ක් මියගොස් ඇති බවත්, ඉන් අලි ඇතුන් 200ක් මියගොස් ඇත්තේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් බවත්ය.
වන අලි 83 දෙනෙකු වෙඩි තබා මරා දමා ඇති බව ඔහු පවසයි. එසේම පුපුරන ද්‍රව්‍ය ‘හක්ක පටස්’ තැබීමෙන් 47 ක් ද, විදුලි උගුල් අටවා 66 ක් ද, තවත් හතර දෙනෙකු වස දමාද මරාදමා තිබේ.
එම නිලධාරියා පෙන්වාදී ඇත්තේ, වන අලි 70ක් රෝගාබාධ, ස්වාභාවික හේතූන් මත හෝ අනතුරුවලට ලක්ව මියගොස් ඇති බවයි. දුම්රියට යටවූ වන අලි 23 දෙනකුද ඊට ඇතුළත්වේ.
2023 සැප්තැම්බර් 27 වනදා වන අලි 11 දෙනකු දුම්රියට යටවීමෙන් සහ වෙඩි තැබීමෙන් මරණයට පත්ව ඇති බවත්, එය මෙතෙක් දිනක් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව බවත් ඔහු සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart