
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අද අලුයම මීගොඩ ප්‍රදේශයේ දී මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 450 ක මුදලක් කොල්ලකා තිබේ.
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ රාත්‍රියේ කටයුතු කරන ව්‍යාපාරිකයා තම වෙළෙඳසැල වසාදමා නිවස බලා යමින් සිටියදී මෙම කොල්ලය සිදුව ඇති බව වාර්තා වේ.
මීගොඩ පොලිසිය සඳහන් කරන්නේ, අදාළ ව්‍යාපාරිකයා තම ත්‍රිරෝද රථයේ නැගී සේවකයකු සමඟ ආර්ථික මධ්‍යස්ථානයෙන් පිටව ගොස් ඇති බවයි.
නිවස බලා යමින් සිටියදී වෙනත් ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයකු ඔහුට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර මුදල් පාර්සලය පැහැරගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.
මීගොඩ ශ්‍රී රතන මාවත ආසන්නයේදී මෙම සිද්ධිය සිදුව ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් ව්‍යාපාරිකයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මීගොඩ පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart