
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුපස තිරිංග පෑඩ්වල(Rear brake pads) තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා මිනුම් දණ්ඩක් නොමැතිවීම හේතුවෙන් එක්සත් ජනපදය පුරා අලෙවිකර ඇති මර්සිඩීස්-බෙන්ස්(Mercedes-Benz) වාහන 42,000කට වැඩි සංඛ්‍යාවක් ආපසු කැඳවීමට සමාගම තීරණය කර ඇත.
ඇතැම් 2019-2021 නිෂ්පාදන මාදිලිවල මෙම පසුපස තිරිංග පෑඩ්වල(Rear brake pads) තත්ත්වය නිරීක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් නොමැති බව හෙළිවී ඇත.
මෙම කාණ්ඩවල වාහන හිමිකරුට ලබාදෙන අත්පොතෙහි අදාළ පරීක්ෂණ මිනුම භාවිත කරන ආකාරය පිළිබඳ උපදෙස් ඇතුළත් කර නොමැති බව පැවැසේ.
වාහනයේ මෙම අසාමාන්‍යතා ‘ෆෙඩරල් මෝටර් රථ ආරක්ෂණ ප්‍රමිතිය අංක 135හි’ අවශ්‍යතාවලට අනුකූල නොවන බැවින් සමාගම නිත්‍යානුකුලව ගැටලුවකට මුහුණදී ඇත.
තිරිංග පෑඩ් වල ක්‍රියාකාරිත්වය මනින පරීක්ෂණ මාපකයක් නොමැති වාහනවල කල් ඉකුත්වූ වූ තිරිංග පෑඩ් නොපෙන්වන අතර, වාහනය අනතුරට පත්වීමේ හැකියාව වැඩි කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart