
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙම වසරේ මුල් මාස නවය තුළ ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි 414ක් ලැබී ඇතැයි වාර්තා වේ.
මෙම කාලය තුළ බරපතල ලිංගික සූරාකෑම සම්බන්ධයෙන් පැමිණිලි 192ක් ලැබී ඇති බව එම අධිකාරිය සඳහන් කරයි.
මෙම වසරේ ජනවාරි 1 සිට සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 7,677 කි.
මෙයින් පැමිණිලි 6,296ක් ළමා ආරක්ෂක අධිකාරිය පනත යටතේ වන අතර පැමිණිලි 1,381ක් මෙම පනත යටතේ නොවන බව එම අධිකාරිය පවසයි.
මෙම පැමිණිලි අතරින් වැඩිම සංඛ්‍යාවක් සැප්තැම්බර් මාසයේදී වාර්තා වී ඇති අතර එය සංඛ්‍යාව 1,176කි.
ළමා ආරක්ෂක අධිකාරි පනත යටතේ ඇති පැමිණිලිවලින් 49ක් කාන්තාවන්ට සිදුවූ ලිංගික හිරිහැර සම්බන්ධ වූ අතර, 111ක් ළමා ශ්‍රමය සම්බන්ධයෙන් මෙන්ම තවත් පැමිණිලි 203ක් පැහැරගැනීම් සම්බන්ධයෙන් වේ.
ළමා ආරක්ෂක අධිකාරි පනත යටතේ ආවරණය නොවන අනෙකුත් පැමිණිලි අතර 62ක් බාලවයස්කාර නව යොවුන් වියේ පසුවන දැරියන් ගැබ්ගැනීම් සම්බන්ධයෙන් ඉදිරිපත්ව තිබේ.
මීට අමතරව ළමයින්ට එරෙහි සයිබර් ප්රචණ්ඩත්වය සම්බන්ධයෙන් පැමිණිලි 102 ක්, ගෘහස්ථ ප්රචණ්ඩත්වය සම්බන්ධයෙන් පැමිණිලි 38 ක්, සියදිවි නසාගැනීමේ උත්සාහයන් පිළිබඳ පැමිණිලි 13 ක් සහ පැහැරගැනීම් සම්බන්ධයෙන් එක් පැමිණිල්ලක් ලැබී ඇතැයි ද ළමා ආරක්ෂණ අධිකාරිය පෙන්වා දෙයි.
මත්ද්‍රව්‍ය ආශ්රිත ගැටළු සම්බන්ධයෙන්, මෙම කාලය තුළ පැමිණිලි 83 ක් ලැබී ඇති අතර, මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා ළමයින් යොදා ගැනීම පිළිබඳ පැමිණිලි 27 ක් සහ වයස අවුරුදු 16 ට අඩු දරුවන්ට මත්ද්‍රව්‍ය විකිණීම පිළිබඳ පැමිණිලි තුනක් ද ඉදිරිපත්ව ඇති පැමිණිලි අතරට අයත් වේ.
මේ අතර කළුතර කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස් පරීක්ෂක ජයන්තා පද්මිණී වීරසූරිය පැවසුවේ ළමයින් මත්ද්‍රව්‍ය භාවිතයට සම්බන්ධ කර ගැනීමේ ප්‍රවණතාවක් පවතින බවයි.
කළුතර පැවති උත්සවයකට සහභාගී වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart