
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගෝලීය මානුෂීය සංවිධානයක් වන ‘හාර්ට් ටු හාට් ඉන්ටර්නැෂනල්’ (Heart to Heart International) විසින් ඩොලර් මිලියන 12.8 ක් වටිනා පිළිකා ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇත.
ඇතැම් පිළිකාවලට ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කරන සුනිටිනිබ් මලේට් නම් ඔන්කොලොජි ඖෂධය (Sunitinib Malate, an oncology drug) ඇතුළත් මෙම පරිත්‍යාගය, ආර්ථික අර්බුදය හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට අපහසු මෙරට පිළිකා රෝගීන්ට උපකාර කිරීම සඳහා යොදාගැනීමට නියමිතය.
මෙම පරිත්‍යාගය සඳහා පහසුකම් සපයා ඇත්තේ වොෂින්ටනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය,ජනාධිපති ලේකම් කාර්යාලය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසිනි.
එය අගෝස්තු 13 වැනිදා කොළඹට රැගෙන ඒමට නියමිතව ඇති අතර, හාට් ටු හාට් ඉන්ටර්නැෂනල් ආයතනය විසින් පරිත්‍යාගයට සම්බන්ධ සියලුම වියදම් දරා ඇත.
මෙම පරිත්‍යාගය පිළිබඳව හාර්ට් ටු හාට් ඉන්ටර්නැෂනල් සංවිධානයට කෘතඥවන බවත්, එය ශ්‍රී ලංකාවේ බොහෝ පිළිකා රෝගීන්ට ජීවිතාරක්ෂකයක් වනු ඇති බවත්, එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ජනිත් වික්‍රමසේකර සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart