
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය වසරේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ ඉහළ පෙළේ නිලධාරීන් 41 දෙනා අතර කැබිනට් අමාත්‍යවරයකු, හිටපු ආණ්ඩුකාරවරුන් හතරදෙනකු, රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනකු, තානාපතිවරුන්, ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රික කාර්ය මණ්ඩලය සහ විනිසුරුවන් ද සිටින බව අල්ලස් කොමිසම පවසයි.
පුවත්පත් වාර්තාවකට අනුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සංශෝධිත ලැයිස්තුවක සඳහන් කළේ, හිටපු කැබිනට් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් හයදෙනෙකු – තාරක බාලසූරිය, ශාන්ත බණ්ඩාර, කාදර් මස්තාන්, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, සුරේන්ද්‍ර රාගවන් සහ අභාවප්‍රාප්ත ලොහාන් රත්වත්ත යන අය ඔවුන්ගේ ප්‍රකාශන භාරනුදුන් බවයි.
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 80 වන වගන්තිය යටතේ, රාජ්‍ය නිලධාරීන් සහ තනතුරු දරන අය රට තුළ සහ ඉන් පිටත ඔවුන්ගේ වත්කම් සහ බැරකම් පිළිබඳ වරින්වර ප්‍රකාශ කළ යුතුය.
ලැයිස්තුවේ හිටපු ආණ්ඩුකාරවරුන් හතරදෙනෙකු ද නම්කර ඇත: එනම්,රොෂාන් ගුණතිලක, සෙන්දිල් තොණ්ඩමන්, නවීන් දිසානායක සහ විලියම් ගමගේ යන යයි.
අල්ලස් කොමිසමට අනුව, තානාපතිවරුන් 11 දෙනකු, නියෝජ්‍ය ස්ථිර නියෝජිතයන්, මහකොමසාරිස්වරුන් සහ අමාත්‍යවරුන් ඇතුළු අවම වශයෙන් ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රික කාර්යමණ්ඩල සාමාජිකයින් 28 දෙනකු ද හිටපු විනිසුරුවන් දෙදෙනෙකු සමඟ ලැයිස්තුගත කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart