
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය වසර 14 තුළ ශ්‍රී ලංකාවේ වන අලි 4000ක් පමණ මියගොස් තිබෙන බව උඩවලව අලි පර්යේෂණ ව්‍යාපෘතියේ සමීර වීරතුංග පවසයි.
දීග දන්තු 1 දළ ඇතාගේ මරණය සම්බන්ධයෙන් ඊයේ අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.
දීග දන්ත 1 ඇතා ආඬියගලදී අනවසරයෙන් අටවා තිබූ විදුලි වැටක පැටලී විදුලි සැර වැදී මිය ගියේය.
අලි මරණවලින් වැඩි ප්‍රමාණයක් නීතිවිරෝධී මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන අතර පසුගිය වසර 14 තුළ අලි ඇතුන් 4,194ක් මියගොස් තිබේ.
2023 වසරේ පමණක් අලි ඇතුන් 470කට අධික සංඛ්‍යාවක් ඝාතනය කර ඇති බවද සමීර වීරතුංග පවසා තිබේ.
ඔහු පැවසුවේ මේ වසරේ මේ දක්වා අලි 200කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බවයි.
ජාතික වනෝද්‍යානවල සතුන්ට ප්‍රමාණවත් ආහාර නොමැති නිසා ඔවුන් අවසානයේ ගෙවතු වටලෑමට පෙළඹෙන බව ද ඔහු පෙන්වා දෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart