
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහබැංකුවේ අත්තනෝමතික ක්‍රියාකලාපය සෙවීම සඳහා වහාම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කළ යුතු බවත්, මේ සඳහා දැනටමත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් 40කට වැඩි පිරිසක් අත්සන් තබා ඇති බවත් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පැවැසීය.
විශේෂයෙන්ම, NDB ආයතනය සම්බන්ධයෙන් වහාම විධිමත් ක්‍රියාමාර්ගයක් ගත යුතු බව ඔහු අවධාරණය කළේය.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (04) පැවැති ජනමාධ්‍ය හමුවකදීය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්මන් මූල්‍ය ප්‍රතිපත්තිය ඔහු එහිදී දැඩි දෝෂදර්ශනයට ලක්කළේය.
රජය සහ මහබැංකුව රුපියල ස්ථාවර බව පැවසුවද, තිරය පිටුපස පවතිනුයේ කෘත්‍රිම පාවීමක් බවත්, මෙහි අවසාන බර පොදු ජනතාවට දැරීමට සිදුවන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
IMF වාරිකය ලැබුණද රජය රට සහ ජනතාව දැඩි බදු බරකින් පීඩනයකට ලක්කර ඇති අතර, මෙම ගිවිසුම් අවසන් වූ පසු ඉදිරි අනාගත වැඩපිළිවෙල රටට හෙළිකළ යුතු බවද ඔහු කියාසිටියේය.
මීට අමතරව, ලංකා බැංකුව සහ මහජන බැංකුව යන ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක පෞද්ගලීකරණය කිරීමේ රහසිගත සැලසුමක් පවතින බව ද ඔහු හෙළිකළේය.
ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වහාම පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවත් සඳහන් කළ රවී කරුණානායක, එහිදී ආණ්ඩු බලය හොබවන ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වා සහ ආණ්ඩු පක්ෂයේ අනෙක් පිරිස් අතර පවතින අභ්‍යන්තර පරස්පරතාද විවේචනයට ලක්කළේය.
අවසාන වශයෙන්, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සියයට 20ක බදු පැනවීම් සහ ‘එල් නිනෝ’ දේශගුණික අවදානම වැනි ඉදිරියේදී පැමිණෙන ගෝලීය අභියෝග හමුවේ රට සූදානම් කිරීමේ නිසි වැඩපිළිවෙලක් වත්මන් ආණ්ඩුවට නොමැති බව රවී කරුණානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart