June 16, 2025

කොළඹ 13 හි ඉදිකරන ලද මහල් 14 කින් යුත් පොලිස් නේවාසික සංකීර්ණයේ නිවාස 40 ක් නිල වශයෙන් භාරදීම ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් අද (16) සිදුකෙරිණි.

කොම්පඤ්ඤවීදිය ගුවන් පාලම ඉදිකිරීම හේතුවෙන් කඩාදැමූ එම පොලිස් නිවාසය වෙනුවට මෙම නව මහල් නිවාස සංකීර්ණය ඉදිකර ඇත.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ නාගරික සංවර්ධන අධිකාරියේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.