
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊශ්‍රායල – ඉරාන යුද්ධය හේතුවෙන් මෙරට පිරිපහදුව සඳහා බහුලව භාවිත කරන සැහැල්ලු බොරතෙල් වන ‘මර්බන්’ මිල සියයට 10.7 කින් ඉහළ ගොස් තිබේ.
ඊශ්‍රායල – ඉරාන යුද්ධය තීව්ර වෙමින් ඇති බැවින් එම මිල ඉහළ යාම ද සැලකිය යුතු කාලයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
පසුගිය සතිය තුළ මර්බන් බොරතෙල් බැරලයක් ඩොලර් 66.40 සිට ඩොලර් 72.42 දක්වා ඉහළ ගොස් තිබේ.
එහෙත් එය තවමත් ඉකුත් දෙසැම්බර් මාසයේ පැවැති මිල මට්ටම වන ඩොලර් 74 ට වඩා සුළු වශයෙන් අඩු අගයකි.
අමෙරිකාවෙන් ඉරානයට සම්බාධක පැනවීමට පෙර, ඉරාන සැහැල්ලු බොරතෙල් මෙරට පිරිපහදු කටයුතු සඳහා සුලභව භාවිත කළ බොරතෙල් වර්ගයයි.
මෙරට ආර්ථිකයට බලපෑමක් එල්ල නොවන පරිදි පාවත්වා ගැනීම සඳහා ඉන්ධන මිල සූත්‍රයක් තිබේ.
ලෝක වෙළඳපොළ අගයන්ට සාපේක්ෂව දේශීය වෙළඳපොළේ තෙල් මිල උච්ඡාවචනය නොවුනහොත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ණය බර ඉහළ යනු ඇත.
එම ණය පියවීම සඳහා මුදල් මුද්‍රණය කිරීමෙන් සිදුවන්නේ විදේශ විනිමය හිඟයක් ඇතිවීමයි.
ඒ සඳහා මෑත අතීතයේ ද උදාහරණ සහ අත්දැකීම් පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart