
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වැඩිහිටියන් තම දරුවන් විසින් නොසළකා හැරීම ඇතුළුව වැඩිහිටියන් අපයෝජනයට ලක්වන සිදුවීම් පිළිබඳ දැනුම්දීම සඳහා සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය WhatsApp අංකයක් හඳුන්වා දී ඇත.
ඒ අනුව 0707 89 88 89 යන අංකය ඔස්සේ ඕනෑම වේලාවක ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයට එවැනි සිදුවීම් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට මහජනතාවට දැන් හැකියාව පවතී.
මෙම වැඩසටහන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ප්‍රකාශයට පත්කරන ලද පරිදි වාර්ෂිකව ජුනි 15 දිනට යෙදෙන ලෝක වැඩිහිටි අපයෝජන පිළිබඳ දැනුවත් කිරීමේ දිනයට සමගාමීව ආරම්භ කර තිබේ.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශය යටතේ ඇති ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය විසින් වැඩිහිටි ප්‍රජාව සුරක්ෂිත කිරීමේ අරමුණින් “සරණ” නමින් උපකාරක සේවාවක් ද දියත් කර ඇත.
WhatsApp සේවාව නිල වශයෙන් එළිදැක්වීම අද එම අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදුකෙරුණු අතර, ග්‍රාම සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ සහ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්සගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්විණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart