
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ සිට ළඟාවූ අඩි 40 ක පමණ දිගකින් යුත් අර්තාපල් පිරවූ බහාලුමක සඟවා මෙරටට රැගෙන රුපියල් මිලියන 40 ක පමණ වටිනාකමකින් යුත් විශාල කහ තොගයක් රේගු නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ.
ඉකුත් සඳුදා පස්වරුවේ කොළඹ වරායට ළඟාවූ එම බහාලුම භාරගැනීම සඳහා ආනයනකරු එදින රාත්‍රියේම පැමිණ ඇති අතර බහාලුම සම්බන්ධයෙන් මතුවූ සැකය හේතුවෙන් රේගු භාණ්ඩ ප්‍රවාහන පරීක්ෂණ අධ්‍යක්ෂක කාර්යාලයේ නිලධාරීන් එය සැකපිට රඳවාගෙන ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ පැවසුවේ, අර්තාපල් බව පැවසූ භාණ්ඩ තොගය පරීක්ෂා කිරීම සඳහා ඊයේ පස්වරුවේ ඔරුගොඩවත්ත RCT අංගනයට රැගෙන ආ බවයි.
එහිදි අර්තාපල් මෙට්‍රික් ටොන් 22ක් මධ්‍යයේ කහ මෙට්‍රික් ටොන් 9.5ක් පමණ ප්‍රවේශමෙන් අසුරා බහාලුම අභ්‍යන්තරයේ ගබඩා කර තිබියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
එම කහ තොගය ඉතා උසස් තත්ත්වයෙන් යුක්ත වන අතර එහි වෙළඳපොළ වටිනාකම රුපියල් මිලියන 40 ක් පමණ වන බවට ඇස්තමේන්තු කර ඇත.
සාමාන්‍යයෙන් අර්තාපල් ආනයනය කරන්නන් අතරේ නම සඳහන් නොවූ අලුත් ආනයනකරුවකු වෙත එය එවා තිබූ බැවින් මෙම අර්තාපල් තොගය පිළිබඳව නිලධාරීන්ට සැක මතුව තිබේ.
භාණ්ඩ ඉවත් කිරීමට පැමිණි ආනයනකරුගෙන් සහ වාප්පු ලිපිකරුගෙන් නිලධාරීන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර භාණ්ඩ තොගය රාජසන්තක කර ආනයනකරුට දඩයක් නියම කෙරෙනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart