
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
උතුරේ මාධ්‍යවේදියකු සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයකු වන කනපතිපිල්ලෙයි කුමනන්ව ත්‍රස්ත විමර්ශන අංශය (TID) විසින් පරීක්ෂණයක් සඳහා කැඳවා ඇති බව ප්රජාතන්ත්රවාදය සඳහා වූ මාධ්‍යවේදීන්ගේ (JDS) සංවිධානය පවසයි.
‘X’ හි තැබූ සටහනක ප්රජාතන්ත්රවාදය සඳහා වූ මාධ්‍යවේදීන්ගේ සංවිධානය පැවසුවේ අගෝස්තු 17 වැනිදා මුලතිව්, අලම්පිල් හි ත්‍රස්ත විමර්ශන අංශයේ උප කාර්යාලය ඉදිරියේ පෙනී සිටින ලෙස කනපතිපිල්ලෙයි කුමනන්ට දැනුම් දී ඇති බවයි.
ප්රජාතන්ත්රවාදය සඳහා වූ මාධ්‍යවේදීන්ගේ සංවිධානය විසින් සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැර තිබූ සිතාසියේ සඳහන් වන්නේ කනපතිපිල්ලෙයි කුමනන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා කැඳවා තිබුණ ද සිද්ධිය කුමක්ද යන්න සඳහන් කර නොමැති බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් අම්බිකා සත්කුනනාදන් පැවසුවේ, ත්‍රස්ත විමර්ශන අංශය විසින් කනපතිපිල්ලෙයි කුමනන් කැඳවීම වසර ගණනාවක් පුරා සිදුවන හිරිහැර හා බිය ගැන්වීම්වල නවතම අවස්ථාව බවයි.
‘X’ හි තැබූ සටහනක ඇය කියා සිටියේ, ත්‍රස්ත විමර්ශන අංශය සහ හමුදා බුද්ධි අංශ ඔහුට නිතර කතා කරමින් තොරතුරු ඉල්ලා සිටින බවත්, වසර ගණනාවක් තිස්සේ ඔහුව විමර්ශනය සඳහා කැඳවීමෙන්, නිවසට ගොස් ඔහු පසුපස හඹා යෑමෙන් ඔහුට අනතුරු ඇඟවීම් හෝ තර්ජනයන් කර ඇති බවත්ය.
එවැනි සිතාසි සහ දුරකථන ඇමතුම්වලට ලක්වන එකම පුද්ගලයා කුමනන් නොවන බව ඇය පෙන්වා දෙයි.
බොහෝ සිවිල් සමාජ සංවිධාන, ක්‍රියාකාරීන්, හිටපු සන්නද්ධ සාමාජිකයන්, වසර ගණනාවකට පෙර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රඳවාගෙන සිටින පුද්ගලයන් සහ අතුරුදහන් වූවන්ගේ පවුල් තවමත් මෙම තත්ත්වයට මුහුණ දෙන බව ඇය පැවසුවාය.
“එය දිගටම පැවතීම පුදුමයක් නොවේ, මන්ද රාජපක්ෂ පාලන සමයේදී ආරක්ෂක උපකරණ විධිමත් හා අවිධිමත් ආකාරයෙන් ක්‍රියාත්මක වුණා, එය යහපාලන සමයේදී විසුරුවා හරියේ නැහැ, දැන් ඒවා එදා මෙන් ක්‍රියාත්මක වනවා,”යැයි ඇය පැවසුවාය.
එවැනි හිරිහැර නතර කරන ලෙස වත්මන් රජය ඔවුන්ට නිශ්චිත උපදෙස් නිකුත් නොකළහොත් එය දිගටම පවතිනු ඇති බවට අම්බිකා සත්කුනනාදන් අනතුරු ඇඟවූවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart