
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජුනි මාසයේ පැවති පාපන්දු තරඟයකින් පසුව පලස්තීනයට පක්ෂපාතී පණිවිඩයක් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් ආසියානු පාපන්දු සම්මේලනය (AFC) විසින් ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩක මොහොමඩ් තිල්හම්ට අමෙරිකානු ඩොලර් 2,000ක දඩයක් නියම කර තිබේ.
ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) ද නිල පැහැදිලි කිරීමක් නිකුත් කර ඇත.
අගෝස්තු 07 වැනිදා නිකුත් කළ නිවේදනයක, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තහවුරු කර තිබුණේ අදාළ දඩය පැනවූයේ ආසියානු පාපන්දු සම්මේලනයේ ස්වාධීන විනය සහ ආචාර ධර්ම කමිටුව විසින් වන අතර ඇතැම් සමාජ මාධ්‍යවල දැක්වුණු පරිදි FIFA විසින් නොවන බවයි.
අදාළ සිදුවීම වාර්තා වුණේ ආසියානු කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලිය අතරතුර කොළඹ තුරඟ තරඟ පිටියේ ජුනි 10 වැනිදා පැවති තරගයෙන් අනතුරුවය.
එම තරගයේ දී ශ්‍රී ලංකාව චීන තායිපේට එරෙහිව 3-1ක ජයග්‍රහණයක් ලබා ගත්තේය.
තිල්හම්, තරඟයෙන් පසු සැමරුම් අතරතුර ‘නිදහස් පලස්තීනයක් සඳහා යාච්ඤා කරන්න’ යන පණිවිඩය සහිත කමිසයකින් සැරසී සිටියේය.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට අනුව, මෙම ක්‍රියාව ආසියානු පාපන්දු සම්මේලනයේ උපකරණ රෙගුලාසි වල 3.2.2 වගන්තිය උල්ලංඝනය කර ඇති අතර, එය කීඩා කලාප තුළ දේශපාලනික, ආගමික, පෞද්ගලික හෝ මතභේදාත්මක පණිවිඩ ඇඳුම් ඔස්සේ ප්‍රදර්ශනය තහනම් කරයි.
ඒ අනුව මෙය නිශ්චිත තරඟාවලි රෙගුලාසි උල්ලංඝනය කිරීමක් බව සම්මේලනය අවධාරණය කළේය.
තිල්හම්ගෙන් විධිමත් පැහැදිලි කිරීමක් ලැබීමෙන් පසු ආසියානු පාපන්දු සම්මේලනය දඬුවම අවම කිරීමේ සාධක සළකා බැලූ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස දඩය සැළකිව යුතු ලෙස අඩු වූ බවත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සඳහන් කළේය.
ක්‍රීඩකයාට දඩ මුදල ගෙවීමට මාසයක් ලබා දී ඇත.
මෙම ක්‍රියාව දේශපාලනික වශයෙන් මෙහෙයවනු ලැබූ බවට කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින්, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සඳහන් කළේ ක්‍රීඩාවේ විනය, මධ්‍යස්ථභාවය සහ අඛණ්ඩතාව පවත්වා ගැනීම සඳහා තම සම්මේලනය කැපවී සිටින බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart