
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නුගේගොඩ, පාගොඩ පාර ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ ආහාර ද්‍රව්‍ය ආනයනකරුවකුගේ ගබඩා පරිශ්‍රයක් 2026.06.03 දින පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් හදිසි වැටළීමකට ලක්කර තිබේ.
මෙම වැටළීමේදී පාරිභෝගික නීති උල්ලංඝනය කරමින් සිදුකළ වැරදි රැසක් අනාවරණය වී ඇති අතර, ඒ හේතුවෙන් අදාළ ගබඩා 4 ක් සම්පූර්ණයෙන්ම මුද්‍රා තැබීමට නිලධාරීන් පියවර ගෙන ඇත.
මෙම ගබඩා හරහා දිවයිනේ ප්‍රධාන පෙළේ හෝටල් ආයතන සහ වෙළඳපොළ වෙත තොග වශයෙන් ආහාර ද්‍රව්‍ය සපයා ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.
ඒ අතරට චීස් සහ බටර් ඇතුළු කිරි නිෂ්පාදන, චොකලට් සහ කොකෝවා කුඩු, ටින් කළ පළතුරු සහ එළවළු, පැස්ටා වර්ග, මස් වර්ග සහ බේකරි නිෂ්පාදන සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය රැසක්ද අයත් වේ.
විමර්ශන නිලධාරීන් විසින් හඳුනාගත් ප්‍රධානතම ගැටලුවක් වන්නේ, මෙහි ගබඩා කර තිබූ බොහෝ නිෂ්පාදනවල ආනයනකරු පිළිබඳ කිසිදු තොරතුරක් සඳහන් කර නොතිබීමයි.
තවද, භාණ්ඩවල මුල් ඇසුරුම්වල ඇති නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වන දිනය ඇතුළු අත්‍යවශ්‍ය තොරතුරු කිසිවක් නොමැතිව එම භාණ්ඩ වෙනත් ඇසුරුම්වලට බහාලීමේ ක්‍රියාවලියක්ද මෙම ස්ථානයේ ක්‍රියාත්මක වී ඇති බව නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇත.
මීට අමතරව, හෝටල් සහ වෙළඳපොළ වෙත නිකුත් කිරීමට සූදානම් කර තිබූ කල් ඉකුත් වූ නිෂ්පාදන තොගයක්ද මෙහි තිබී සොයාගෙන තිබේ.
මෙම නීතිවිරෝධී ක්‍රියාවන් මගින් පාරිභෝගික ජනතාවගේ සෞඛ්‍යයට දැඩි අවදානමක් එල්ල වන බැවින්, මේ පිළිබඳව පුළුල් විමර්ශන කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇත.
වැඩිදුර විමර්ශන සඳහා ගබඩා මුද්‍රා තබා ඇති අතර, අදාළ ව්‍යාපාරික ආයතනයට සහ සැකකරුවන්ට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත යටතේ දැඩි නීතිමය පියවර ගැනීමට නියමිතය.
ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී භාණ්ඩවල ලේබලය, නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වන දිනය සහ ආනයනකරුගේ තොරතුරු පිළිබඳව දැඩි අවධානයක් යොමුකරන ලෙස නිලධාරීහු මහජනතාවගෙන්, ආහාර නිෂ්පාදන ආයතනවලින් මෙන්ම හෝටල් හිමියන්ගෙන්ද ඉල්ලා සිටිති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart