
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පේරාදෙණිය විශ්ව විද්‍යාලය මහජන ප්‍රදර්ශනයට විවෘත කිරීමෙන් පසු එය නැරඹීමට පැමිණි පිරිස විශ්ව විද්‍යාල භූමියේ පරිසර පද්ධතියට දැඩි ලෙස හානිකර ඇති අයුරු දැකගත හැකිය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයට වසර අසූවක් (80) සැපිරීම නිමිත්තෙන් විශ්ව විද්‍යාලය මහජන ප්‍රදර්ශනය සඳහා පෙරේදා (01 වැනිදා) විවෘත කෙරිණි. විශ්වවිද්‍යාලය දැකබලා ගැනීමට ලක්ෂ හතරක පමණ පිරිසක් පැමිණ සිටියහ.
මෙලෙස පැමිණි නරඹන්නන් විශ්වවිද්‍යාල පරිසර පද්ධතියේ තැන තැන කසළ දමා විනාශ කර ඇති අයුරු දැකගත හැකිය.
එමෙන්ම, විශ්වවිද්‍යාල භූමියේ තණකොළ සහ මල් වවා ඉතා අලංකාර ලෙස පවත්වාගෙන යනු ලබන ස්ථානවල වාහන නවතා එම පරිසර පද්ධතියටද දැඩි ලෙස හානිකර තිබේ.
මෙම පරිසර පද්ධතිය යළි තිබූ පරිදි සකස් කිරීමට තවත් කාලයක් ගතවනු ඇතැයිද අනාවරණය වේ.
එමෙන්ම විශ්වවිද්‍යාලය නැරඹීමට පැමිණි පිරිස විශ්වවිද්‍යාල භූමියේ ගස්වල වැල්වල එල්ලී සෙල්ලම් කරන අයුරුද දැකගත හැකිවිය.
අසූවන සංවත්සර උත්සවයට සමගාමීව ශාස්ත්‍ර, විද්‍යා, වෛද්‍ය, ඉංජිනේරු, දන්ත, පශු, සම සෞඛ්‍ය ඇතුලු පීඨ නවය නැරඹීමට අවස්ථාව සැලසීමට විශ්වවිද්‍යාලයේ කුලපති සම්මානිත මහාචාර්ය ජී. එච්. පීරිස් ඇතුළු පාලනාධිකාරිය විසින් කටයුතු කරන ලදී.
ලෝක උරුමයක් බවට පත්වූ මහාවංශය, කුඩාම බයිබලය, ජෙට් එන්ජිම, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය කෞතුකාගාරය, පුස්කොල ග්‍රන්ථ සංරක්ෂණ ව්‍යාපෘතිය ඇතුළු අංග ගණනාවක් ප්‍රදර්ශනය කෙරිණි.
(අරුණ පුවත්පත)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart