
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මත්පැන් විකිණීම අඩු වී ඇති නිසා මිලිලීටර් 375 හෙවත් කාල මත්පැන් බෝතලයක මිල රුපියල් 100කින් අඩු කරන්නැයි මත්පැන් නිෂ්පාදකයන්ගෙන් කළ ඉල්ලීම ඔවුන් ප්‍රතික්ෂේප කළ බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි ජනමාධ්‍ය වෙත පවසා ඇත.
නිෂ්පාදන වියදම අඩුවී ඇති නිසා මිල අඩු කිරීමට හැකියාවක් ඇතැයි යන විශ්වාසයෙන් යුතුව එම ඉල්ලීම කළ බවද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර තිබේ.
මත්පැන් නිෂ්පාදකයන් මාස හයකට වරක් සුරාබදු දෙපාර්තමේන්තුවේදී හමුවන බවත් ඒ අවස්ථාවේදී මත්පැන් නිෂ්පාදකයන්ගෙන් මෙම ඉල්ලීම කළ බවත් කොමසාරිස් ජනරාල්වරයා පවසයි.
සුරාබදු කොමසාරිස්වරයා පවසන්නේ එතනෝල් ලීටරයක මිල රුපියල් 600-700 දක්වා දැන් අඩු වී තිබෙන බවයි.
මේ වනවිට මත්පැන් පරිභෝජනය සියයට හතළිහ දක්වා අඩුවී තිබෙන බවද එම නිසා කසිප්පු ඇතුළු නීතිවිරෝධී මත්පැන් බහුල වී ඇති බව ද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.
මෙහිදී මත්පැන් නිෂ්පාදකයන් ජනරාල්වරයාට පෙන්වා දී ඇත්තේ සුරාබදු මත්පැන් නිෂ්පාදන අමුද්‍රව්‍යවලට එකතු වී ඇති බදු නිසා මිල අඩු කිරීමට කිසිසේත්ම හැකියාවක් නැති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart