
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වාර්ෂිකව නව පිළිකා රෝගීන් 33,000කට ආසන්න සංඛ්‍යාවක් මෙරටින් හඳුනාගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස හෙළිකරයි.
ඉන් බහුතරය මුඛ පිළිකා සහිත පිරිමි පාර්ශ්වය වන බව අමාත්‍යවරයා පවසයි.
කාන්තාවන් අතර පියයුරු පිළිකාව ප්‍රධාන තැනක් ගන්නා බවත්, පිළිකා රෝගී තත්ත්වයන් හේතුවෙන් වසරකට 19,000 කට ආසන්න පිරිසකගේ ජීවිත අහිමි වන බව සෞඛ්‍ය දත්ත පෙන්වා දෙන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
පිළිකා රෝගය මර්දනය කිරීම සදහා ජනතාව දැනුවත් කිරීමට සාධනීය විශේෂ වැඩසටහන් සැලසුම් කරමින් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව අමාත්‍ය නලින්ද ජයතිස්ස අවධාරණය කරයි.
රජය මගින් සිදුකළ යුතු එවැනි ව්‍යාපෘති පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රාහකත්වය ඇතිව සිදු කිරීම හේතුවෙන් රජයේ බර තරමක් අඩුවන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart