
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සති තුනක් වැනි කෙටි කාලයක් තුළ ගාසා තීරයේ මියගිය ළමුන්ගේ සංඛ්‍යාව, 2019 වසරේ සිට ලෝකයේ ගැටුම් කලාප හරහා වාර්ෂිකව මිය ගිය ළමුන්ගේ සංඛ්‍යාව ඉක්මවා ගොස් ඇති බව සේව් ද චිල්ඩ්රන් ආයතනය අනාවරණය කරයි.
සේව් ද චිල්ඩ්රන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන ආකාරයට, ගාසා සහ ඊශ්‍රායලයේ සෞඛ්‍ය අමාත්‍යාංශවලට අනුව, ඔක්තෝබර් 7 වැනිදා සිට, අවම වශයෙන් ගාසා තීරයේ 3,195ක්, බටහිර ඉවුරේ 33ක් සහ ඊශ්‍රායලයේ 29ක් ඇතුළුව ළමුන් 3,257කට වැඩි සංඛ්‍යාවක් මිය ගොස් ඇත.
ගාසා තීරයේ සති තුනක දී ඝාතනයට ලක් වූ ළමුන් සංඛ්‍යාව, පසුගිය වසර තුනක කාලය තුළ, ගෝලීය වශයෙන් රටවල් 20 කට වැඩි ගණනක් පුරා සන්නද්ධ ගැටුම්වලින් මිය ගිය සංඛ්‍යාවට වඩා වැඩි ය.
ගාසා තීරයේ මියගිය පුද්ගලයින් 7,703 න් 40% කට වඩා ළමුන් වන අතර, පලස්තීන භූමිය සහ ඊශ්‍රායලය හරහා සිදු වූ මරණ වලින් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් ළමුන් වේ.
ගාසා තීරයේ අතුරුදන් වූ තවත් ළමුන් 1000ක් සුන්බුන්වලට යට වී ඇතැයි උපකල්පනය කිරීමත් සමඟ මියගිය සංඛ්‍යාව මීට වඩා බෙහෙවින් වැඩි විය හැකි බවද සේව් ද චිල්ඩ්රන් වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart