
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පැවිදි වීම සඳහා විහාරස්ථානයට පැමිණි 14 හැවිරිදි බාලවයස්කාර පිරිමි දරුවකු, පැමිණි පළමු දින රාත්‍රියේදීම බරපතළ ලෙස අපයෝජනයට ලක්කිරීමේ චෝදනාවලට වැරදිකරු වූ 65 හැවිරිදි විහාරාධිපති භික්ෂුවකට වසර 30ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට අනුරාධපුර ළමා අපරාධ පිළිබඳ විශේෂ මහාධිකරණය පසුගිය 27 වැනිදා පියවර ගත්තේය.
මෙසේ දැඩි දඬුවම් නියම වූයේ තඹුත්තේගම, හුරිගස්වැව, තලාකොළ වැව ශ්‍රී සම්බුද්ධ වාලුකාරාමාධිපතිව සිටි මුල්ලේරියාවේ විමලතිස්ස නමැති භික්ෂුවටය.
ළමා අපරාධ පිළිබඳ විශේෂ මහාධිකරණ විනිසුරු සඳුන් විතාන විසින් ප්‍රකාශයට පත් කරන ලද තීන්දුවේ ප්‍රධාන කරුණු මෙසේය:
නීතිපතිවරයා විසින් පවරා තිබූ අධිචෝදනා 3ටම විත්තිකාර භික්ෂුව වරදකරු කෙරුණු අතර, එක් චෝදනාවකට වසර 10 බැගින් වෙන් වෙන් වශයෙන් වසර 30ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම විය.
විත්තිකරු විවිධ අසනීපවලින් පෙළෙන බවට ඔහුගේ නීතිඥ සුරංග මොහොට්ටි ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් විනිසුරුවරයා, මෙම වසර 30ක සිරදඬුවම වසර 10කින් එක්වර ගෙවී යා යුතු බවට නියෝග කළේය.
අපයෝජනයට ලක්වූ දරුවාට රුපියල් ලක්ෂ 5ක මුදල් වන්දියක් ගෙවිය යුතු අතර, එය පැහැර හැරියහොත් තවත් මාස 6ක සිරදඬුවමකට යටත් විය යුතුය.
පළමු චෝදනාවට රුපියල් 5,000ක් ද, දෙවැනි සහ තුන්වැනි චෝදනාවලට රුපියල් 15,000 බැගින් ද වශයෙන් දඩ නියම වූ අතර, දඩ නොගෙවන්නේ නම් චෝදනා තුනට වෙන් වෙන් වශයෙන් තවත් මාස 4 බැගින් සිරදඬුවම් නියම කෙරිණි.
විමර්ශන වාර්තාවලට අනුව මෙම අපරාධය සිදුව ඇත්තේ 2022 වසරේ මැයි මස 10 වන දින හෝ ඊට ආසන්න දිනකදීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart