
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වරාය, දුම්රිය, ගුවන් මාර්ග වැනි ප්‍රධාන යටිතල පහසුකම්වලට සම්බන්ධ මෙරට දෙවැනි කර්මාන්ත කලාපය වන ත්‍රිකුණාමලයේ කප්පල්තුරේ කර්මාන්ත කලාපයට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක පමණ ආයෝජනයක් රජය විසින් ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කරන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම කළේය.
ජනමාධ්‍ය හමුවක් අමතමින් රාජ්‍ය ඇමැතිවරයා කියාසිටියේ රජයේ ගංජා ආයෝජන සැලැස්මට මේ වන විට අයදුම්පත් 30ක් ලැබී ඇති අතර ඒවා දැනට කාරක සභා අවස්ථාවේ පවතින බවයි.
“අපට මේ වන විට [ගංජා ආයෝජන සැලැස්ම සඳහා] අයදුම්පත් 30 ක් ලැබී තිබෙනවා. ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් සිටින කමිටුවක් මගින් ඒවා ක්‍රියාත්මක කෙරෙනවා. තවම ඒවා කිසිවෙක් ක්‍රියාත්මක මට්ටමට පැමිණ නැහැ. නමුත් ඉඩම් වෙන් කිරීම සිදුකෙරෙනවා.අනාගතයේදී ඒවා ක්‍රියාත්ම වෙයි.” යැයි ඇමැතිවරයා සඳහන් කළේය.
ජනමාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් දිලුම් අමුණුගම කියාසිටියේ මෙම ගංජා ව්‍යාපෘති මීරිගම සහ මහනුවර යන ප්‍රදේශවල ස්ථාපිත කරන බවයි.
කප්පල්තුරෙයි කර්මාන්ත කලාපය සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා එය වරාය, දුම්රිය සහ ගුවන් මාර්ගවලට සම්බන්ධ කරන බව ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart