
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2024–2025 ශ්‍රීපාද වන්දනා වාරය ආරම්භ වන උදුවප් පොහො දින (14) ශ්‍රීපාද උඩමළුව මල්වලින් සැරසිම සදහා විවිධ මල්පෙති ලක්ෂ තිහක් මෙවර උපයෝගි කරගන්නා බව නුගේගොඩ කස්ටම් ගෘප් ඔෆ් කොම්පැනි ආයතනයේ හිමිකරුවන් වන නිශාන්ත ද සිල්වා සහ නිලන්ත ද සිල්වා යන සහෝදරයන් දෙදෙනා පවසති.
ඇස්තමේනියා, කපුරු ඇතුළු මල් වර්ග ගණනාවක මල් පෙති සහ පිච්ච මල් යාර හත්දහසක් මෙවර ශ්‍රීපාද උඩමළුව සැරසීම සඳහා යොදාගන්නා බව එම සහෝදරයෝ සඳහන් කරති.
එම මල්වලින් වැඩි ප්‍රමාණයක් නුවරඑළියෙන් මිල දී ගත් බවත්, කොළඹ සිට එම මල් පෙති ශ්‍රීපාද උඩ මළුව දක්වා රැගෙන ගොස් (14) දින ශ්‍රීපාද උඩමළුව 28 වැනි වරටත් තම සමාගම විසින් සැරිසිමට කටයුතු කරන බවයි එම ඔවුහු පවසති.
මීට අමතරව ශ්‍රී පාද පද්මය සුවද පැණින් දෝවනය කිරීමට අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය තම සමාගම විසින් ලබාදෙන බවත්, මෙය ශ්‍රී ලංකාවාසි සැමට ආශිර්වාද පතා සිදුකරන පිංකමක් බවයි එම ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.(අද)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart