
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇතැම් බස් මගීන්ට ටිකට්පත් ලබා නොදී ගමන් ගාස්තුව ලබාගෙන වංචා කිරීමේ චෝදනා හේතුවෙන් සතියකට ශ්රී ලංගම කොන්දොස්තරවරුන් 30 දෙනකු පමණ වැඩ තහනමට ලක්වන බව ආයතනයේ සභාපති ලලිත් ද අල්විස් පවසයි.
බොහෝ විට රුපියල් 30, 50 දුරට ගමන් කරන මගීන්ට සමහර කොන්දොස්තරවරුන් ටිකට් නිකුත් නොකරන බව මෙහිදී හෙළිවී ඇතැයි ද සභාපතිවරයා කීය.
අහඹු ලෙස බස් රථවල ජංගම පරීක්ෂණ සිදු කරන අවස්ථා වලදී ඇතැම් ලංගම ඩිපෝවල දෛනික ආදායම රුපියල් ලක්ෂයේ සිට රුපියල් ලක්ෂ තුන දක්වා ප්රමාණයකින් ඉහළ යන බවද හෙතෙම කියා සිටියේය.
දිවයින පුරා ලංගම ඩිපෝ 107 ක් ඇති බවත්, මෙම වංචාව වැඩිපුරම සිදුවනුයේ බස්නාහිර, දකුණ හා වයඹ පලාත්වල ඩිපෝවල සේවය කරන ඇතැම් සේවකයන් අතින් බවත් හෙතෙම කීය.
ලංගම බස්රථවලට ගොඩවී ගමනට අදාළ මුදල ලබාදුන් පසු කොන්දොස්තරගෙන් අනිවාර්යයෙන්ම ටිකට් පත ඉල්ලා ගන්නා ලෙස ඉල්ලා සිටි සභාපතිවරයා, ටිකට් නොමැතිව ලංගම බස් රථවල ගමන් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවද කියාසිටියේය.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart