
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉරානය විසින් කුවේට් අන්තර්ජාතික ගුවන් තොටුපළ ඉලක්ක කර දියත් කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයකින් තුවාල ලැබූ 60කට අධික පිරිසක් අතර ශ්‍රී ලාංකිකයන් තිදෙනකු ද වන බව කුවේට්හි ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග තහවුරු කරයි.
කුවේට් බලධාරීන්ට අනුව, මෙම ප්‍රහාරයෙන් එක් අයකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 60කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.
ප්‍රහාරය හේතුවෙන් ගුවන් තොටුපළේ කොටස් කිහිපයකට සහ ඒ අසල පිහිටි රාජ්‍ය තාන්ත්‍රික නිල නිවාස සංකීර්ණවලට ද දැඩි හානි සිදු වී තිබේ.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයන් තිදෙනා මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් පසුවන අතර, ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ නොවන බව (ස්ථාවර මට්ටමක පවතින බව) මූලික තොරතුරු පෙන්වා දෙයි.
මෑතකදී ඉරාන ඉලක්ක වෙත ඇමරිකානු හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පළිගැනීමක් වශයෙන් මෙම ප්‍රහාරය දියත්කළ බව පවසමින් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය මෙහි වගකීම භාරගෙන ඇත.
කුවේට් රාජ්‍යය මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙළාදැක ඇති අතර, එය තම රටට එල්ල වූ ආක්‍රමණශීලී ක්‍රියාවක් ලෙස හඳුන්වමින් ඊට එරෙහිව කඩිනම් රාජ්‍යතාන්ත්‍රික පියවර ගැනීමට කටයුතු කරමින් සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart