May 29, 2026

බදුරලිය තුඹගල්ල කන්ද ප්‍රදේශයෙන් රුපියල් මිලියන ගණනක් වටිනා ‘අයිස්’ මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් බාරයට ගෙන තිබේ.

ලද තොරතුරකට අනුව බදුරලිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් තුඹගල්ල කන්ද ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කිලෝග්‍රෑම් 3කට වඩා වැඩි මෙම ‘අයිස්’ මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.

අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3ක්, ග්‍රෑම් 362ක් සහ මිලිග්‍රෑම් 87ක ප්‍රමාණයක් එහි තිබූ බව පොලිසිය කියයි.

මත්ද්‍රව්‍ය තොගයේ හිමිකරුවන් සොයා පරීක්ෂණ ක්‍රියාත්මක වේ.