
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බීඩි කොළ කිලෝග්‍රෑම් 2,689ක් රැගත් ඉන්දීය ඩව් යාත්‍රාවක් සමඟ ඉන්දීය ජාතික සැකකරුවන්තිදෙනෙක් වයඹ මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.
මන්නාරමට දකුණෙන් කුදිරමලේ තුඩුවට ඔබ්බෙන්වූ වයඹ මුහුදේ ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකළ විශේෂ මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් දෙදහස් හයසිය අසූ නවයක තොගයක් රැගත් ඉන්දීය ඩව් යාත්‍රාවක් සමඟ මෙම ඉන්දීය ජාතික සැකකරුවන් තිදෙනා ඊයේ(12) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබේ.
මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් අතරතුර මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
බටහිර නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් යොදවා මන්නාරමට දකුණෙන් කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් වූ වයඹ මුහුදේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කර තිබූ අතර එහිදී නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළු වී තිබූ ඉන්දීය ඩව් යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක්කිරීමේදී, පාර්සල් 80 ක අසුරා නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් දෙදහස් හයසිය අසූ නවයක (2,689) පමණ තොගයක් සමඟ එම ඉන්දීය ඩව් යාත්‍රාව සහ ඉන්දීය ජාතික සැකකරුවන් තිදෙනා නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ඩව් යාත්‍රාව, බීඩි කොළ තොගය සහ ඉන්දීය ජාතික සැකකරුවන් තිදෙනා ඉදිරි නීතිමය කටයුතු සඳහා භාරදීමට නියමිතව ඇත.
මෙම මෙහෙයුමත් සමඟ 2024 වර්ෂයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් මඟින් පමණක් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සහ කළ බීඩි කොළ කිලෝ 37,619ක් සමඟ සැකකරුවන් 32ක් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කිරීමට සමත්ව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart