June 2, 2025

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවෙන් පැනගිය නිලධාරීන් ඇතුළු සෙබළුන් 2,983 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

පෙබරවාරි 22 සිට මැයි 30 දක්වා සිදුකරන ලද මෙහෙයුම් වලදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.

මෙලෙස අත්අඩංගුවට ගත පිරිස අතර යුද හමුදා සාමාජිකයන් 2,261 ක්ද, නාවික හමුදා සාමාජිකයන් 194 ක්ද, ගුවන් හමුදා සාමාජිකයන් 198 ක්ද වේ.

මීට අමතරව, මෙම කාලය තුළ ශ්‍රී ලංකා පොලිසිය විසින් තවත් හමුදා සේවයෙන් පැනගිය සෙබළුන් 330 දෙනකු අත්අඩංගුවට ගත් බව එම ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.