March 20, 2024

ජන අරගල ව්‍යාපාරය අද (20) දහවල් කොළඹදී පැවැත්වූ විරෝධතාව අතරතුරදී පුද්ගලයින් 29 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වෙයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර භික්ෂූන් වහන්සේලා දෙදෙනෙක් සහ කාන්තාවන් තුන්දෙනෙක් ද වන බව අප වාර්තාකරු පැවසීය.

ළහිරු වීරසේකර සහ දුමින්ද නාගමුවද එහිදී අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම සිදුවීමේදී පොලිස් නිලධාරීන් 5 දෙනෙක් තුවාල ලබා තිබේ.

භාණ්ඩ මිල ඉහළයෑම, විදෙස් ගිවිසුම් ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගෙන මෙම විරෝධතාව කොටුව දුම්රිය ස්ථානය අසලින් ආරම්භ කර තිබිණි.

පසුව විරෝධතාකරුවන් පිටකොටුව දෙසට ගමන් කිරීමත් සමග පොලිසිය පිරිස විසුරුවාහැරීම සඳහා අධිපීඩන ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට ද කටයුතු කළේය.(අද දෙරණ)