
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැලේසියාවේදී විවිධ වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 26 දෙනකු පිළිබඳව මෙරට බලධාරීන්ට නිල වශයෙන් දැනුම් දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ.වුට්ලර් පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු පැවසුවේ මැලේසියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික සැකකරුවන් 26 දෙනා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් මැලේසියාවට යවා ඇති බවයි.
මේ අතර “කෙහෙල්බද්දර පද්මේ” සහ “කමාන්ඩෝ සාලින්ද” යන කුප්‍රකට පාතාල නායකයන් මැලේසියාවේ අත්අඩංගුවේ පසුවන බවට කිසිදු රාජ්‍යතාන්ත්‍රික හෝ ආරක්ෂක තොරතුරක් නොමැති බව සහකාර පොලිස් අධිකාරී වූට්ලර් ප්‍රකාශ කළේය.
අත්අඩංගුවේ පසුවන පුද්ගලයන් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාශ ශ්‍රවණාගාරයේ අද පැවති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු අනාවරණය කළේය.
මැලේසියාවේදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාතික මධ්‍යම කාර්යාංශයට ජූලි 11 වැනිදා තොරතුරක් ලැබුණු බවත්, ඔවුන් හඳුනා ගැනීම සඳහා එරට බලධාරීන් ශ්‍රී ලංක පොලිසියේ සහය අපේක්ෂා කළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart