
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සීනිබෝල වර්ගයක් ආහාරයට ගැනීමෙන් පසුව සිදු වූ බව කියන අසාත්මිකතාවක් හේතුවෙන් ගොකරැල්ල, පොල්ගොල්ල, දේවපාල විදුහලේ සිසුවියන් පිරිසක් ඊයේ (26දා) පෙරවරුවේ රෝහල්ගත කිරීමට කටයුතු කළ බව එහි විදුහල්පති දුනුකේක්දෙණියේ කුසලධම්ම හිමියෝ ‘මව්බිම’ට පවසා ඇත.
එම සීනිබෝල මිලදී ගත් බව කියන වෙළෙඳසැල මුද්‍රාතැබීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇති බවත් පොල්ගොල්ල, දේවපාල විදුහල වසා දමා ඇති බවත් විදුහල්පති හිමියෝ පවසා ඇත.
උන්වහන්සේ පවසන ආකාරයට පාසලේ උදෑසන රැස්වීමෙන් පසුව සිසුවියන් කිහිපදෙනකුගේ ශරීරයේ පලු දමා කැසීම් මතුව ඇති අතර, පසුව දැරිවියන් පනස්දෙනකුගේ පමණ එවැනි තත්ත්වයක් දකින්නට ලැබුණු නිසා, ඔවුන් ගොකරැල්ල, පොල්ගොල්ල රෝහලට ඇතුළත් කිරීමට විදුහලේ පාලනාධිකාරිය කටයුතු කර තිබේ.
විදුහලේ 6, 7 හා 8 ශ්‍රේණිවල දරුවන් මේ ආසාත්මිකතාවට ලක්වූ බවත්, එම රෝගී දරුවන් රෝහලට ගෙන ගිය ගුරුවරියන්ටත්, ඔවුන්ට ප්‍රතිකාර කළ ගොකරැල්ල රෝහලේ වෛද්‍යවරයාට හා උපස්ථායකයන් දෙදෙනකුටත් එම තත්ත්වය මතුව තිබුණු බවද උන්වහන්සේ සඳහන් කර ඇත.
මේ අතර තවත් සිසුවියන් පිරිසක් කුරුණෑගල රෝහලට ගිලන් රථයක් මඟින් රැගෙන ගොස් ඇතුළත් කළ බව කියන උන්වහන්සේ, රෝගී දරුවන් ආහාරයට ගත් සැකසහිත සීනි බෝල ඇතැම් දරුවන්ගේ නිල ඇඳුමේ සාක්කුවල තිබූ බවද සඳහන් කර තිබේ.
උන්වහන්සේ මෙසේ ද පවසා ඇත.
“ඇසෙම්බ්ලිය තිබුණේ එළියෙ. ළමයි කසන්න ගත්තාම අපි හිතුවෙ දළඹුවො කියලා. අපි පස්සෙ ඇහුවා මොනව හරි කෑවද කියල. ටොෆි කෑවා කිව්වා. ඒවා සීනිබෝල වගේ පැකට්ටුවක්. මුතු බෙල්ලන් හැඩයේ. එක ළමයකුගෙ සාක්කුවකත් තිබුණා. ඒ පන්ති කාමරෙන් පහළට එද්දි තව කණ්ඩායමක් අසනීප වෙලා. මේ විදිහට ළමයි 50ක් විතර. 6, 7, 8 පන්තිවල. ඒ ළමයි ගෙනියපු ගුරුවරියොත් අසනීප වුණා. රෝහලේ ඇටෙන්ඩන්ලා දෙන්නෙක් අසනීප වුණා. බෙහෙත් කළ වෛද්‍යවරයාත් අසනීප වුණා. ආණ්ඩුකාරතුමා මැදිහත් වෙලා කුරුණෑගලින් ගිලන් රථයක් එව්වා. පොල්ගොල්ල රෝහලේ අය ටිකට් කපල යැව්වා. කුරුණෑගල යැව්ව අයගෙ තත්ත්වයත් සුව අතට හැරිලා කියනවා. ළඟ වෙළෙඳසලකින් අරන් තියෙන්නේ. සෞඛ්‍ය වෛද්‍ය නිලධාර්න් ඒවා රස පරීක්ෂකට යවන්න ගත්තා. හෙට (27දා) පාසල පැවැත්වෙන්නේ නෑ. හෙට නිවාඩුයි.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart