December 15, 2025

දිට්වා සුළි කුණාටුවෙන් මෙරටට සිදුවූ හානිය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා බැරෑරුම් විය හැකි බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසුවේය.

මන්ත්‍රිවරයා පවසන්නේ මෙරට මුහුණ දුන් දරුණුතම සොබාවික ආපදාව මෙය විය හැකි බවයි.

ඉන් රටට සිදුවූ විනාශය සුනාමි ව්‍යවසනයේ බලපෑමට සාපේක්ෂව වැඩි විය හැකි බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.#එක්සත්_ජාතික_පක්ෂය

එමෙන්ම ඔහු පැවසුවේ රටේ දිස්ත්‍රික්ක 25 න් 22 ක් දිට්වා සුළි කුණාටුවෙන් එල්ල වූ බලපෑම්වලට ලක්වූ බව සහ පළමුවරට රටේ වියළි කලාපය මෙන්ම තෙත් කලාපය ද එකවර ආපදාවට ලක් වූ බවයි.

කෙසේවෙතත් රට යථාතත්වයට රැගෙන ආ හැකි වන්නේ නිවැරදි ආපදා කළමනාකරණයෙන් පමණක් බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.