
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඩැමැස්කහි පල්ලියක මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 22 දෙනකු මියගොස් 63 දෙනකු තුවාල ලබා ඇතැයි සිරියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සිරියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට අනුව, ඊයේ (22) දින සවස දේව මෙහෙයක් අතරතුර ඩ්වෙයිලා ප්‍රදේශයේ ග්‍රීක ඕතඩොක්ස් පල්ලියේදී පුද්ගලයකු විසින් වෙඩි තැබීමක් සිදුකර අනතුරුව පුපුරන ද්‍රව්‍ය සහිත කබායක් පුපුරුවා හැර තිබේ.
පුපුරවා ගැනීම සිදුකළ පුද්ගලයා ජිහාඩ්වාදී කණ්ඩායමක් වන ඉස්ලාමීය රාජ්‍ය (IS) සමඟ සම්බන්ධ බව සඳහන් විය. එහෙත් ඔවුන් මෙම ප්‍රහාරය සිදුකළ බව පවසා නොමැත.
සාක්ෂිකරුවකු වන ලෝරන්ස් මාමාරි AFP ප්රවෘත්ති ඒජන්සියට පවසා ඇත්තේ, එක් පුද්ගලයකු ආයුධයක් රැගෙන පල්ලියට ඇතුළු වී වෙඩි තැබීමට පටන් ගත් බවත්, ඔහු සිය කබාය පුපුරුවා හැරීමට පෙර මිනිසුන් ඔහුව නැවැත්වීමට උත්සාහ කළ බවත් ය.
මූලික තොරතුරු වලට අනුව, බෝම්බ පිපිරීම පල්ලියට ඇතුළු වන ස්ථානයේ සිදුව ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ගොඩනැගිල්ල තුළ සහ ඒ ආසන්නයේ සිටි පුද්ගලයන් මියගොස් ඇතැයි සඳහන් විය.
ඉස්ලාමීය නායකත්වයෙන් යුත් කැරලිකාර හමුදා දෙසැම්බර් මාසයේදී බෂාර් අල්-අසාද් බලයෙන් පහකිරීමෙන් පසු ඩැමැස්කස් හි සිදු වූ පළමු වැනි ප්‍රහාරය මෙයයි.
අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අනාස් ඛට්ටබ් පැවසුවේ, ඔහුගේ අමාත්‍යාංශයේ විශේෂිත කණ්ඩායම් මෙම අපහාසාත්මක අපරාධයෙහි තත්වයන් විමර්ශනය කිරීම ආරම්භ කර ඇති බවයි.
සිරියානු රාජ්‍යය සිවිල් සාමයක් අත්කර ගැනීමට දරන උත්සාහයන් මෙම ත්‍රස්තවාදී ක්‍රියාවලින් නතර නොවනු ඇතැයි ඔහු තවදුරටත් පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart