March 8, 2025

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 16ට අඩු ගැහැණු ළමුන් 216ක් පසුගිය වසරේ ගැබ්ගෙන ඇති බව අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ විය.

මේ බව හෙළිකරනු ලැබුවේ විපක්ෂ මන්ත්‍රී මන්ත්‍රිනී රෝහිණී කවිරත්නයි.

මෙම ගැටලුවේ වඩාත්ම කණස්සල්ලට හේතුවන කරුණ නම්, මෙම බාල වයස්කාරියන් අතර දස හැවිරිදි ගැහැණු ළමයකු සිටීම බවත් මෙතරම් කුඩා වයසකදී ගැබ් ගැනීම ඛේදනීය බවත් ඇය සඳහන් කළාය.

අදට යෙදී තිබෙන ලෝක කාන්තා දිනය සම්බන්ධයෙන් ද සිහිපත් කරමින් ඇය මෙම කරුණු සඳහන් කළාය.