June 4, 2026

දිඹුලාගල, අරලගංවිල ප්‍රදේශයේ පාසලක සිදුවූ බඹර ප්‍රහාරයකින් එම පාසලේ සිසුන් 20 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

පාසල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙලෙස බඹර ප්‍රහාරයට ලක්ව ඇත්තේ 6 වැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා පන්තිවල ඉගෙනුම ලබන සිසුන් පිරිසක් බවයි.

බඹර දෂ්ටනයට ලක්වූ සිසුන් වහාම අරලගංවිල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, ඔවුහු මේ වන විට එහි ප්‍රතිකාර ලබමින් පසුවෙති.