
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුපියල් ලක්ෂ 20ක කොන්ත්‍රාත්තුවකට පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසිංහට රත්ගම දේව්නිගොඩ දී වෙඩි තැබීමේ සිද්ධිය පිළිබද මේ වනවිට කරුණු අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු ප්‍රකාශ කර ඇත.
ඔහු පවසා ඇත්තේ, පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසිංහ දිගින් දිගටම සිදුවන පාතාල අපරාධ විමර්ශනවලට අදාළ වැදගත් කරුණු රැසක් නුදුරේදීම පොලිසියේ ජ්‍යෙෂ්ඨ විමර්ශකයන්ට ලබාදීමට සූදානම්ව සිටියද ඝාතකයන් ඊට පෙර ක්‍රියාත්මක වී ඇතැයි බවයි.
අම්බලන්ගොඩ, මීටියාගොඩ සහ ඇල්පිටිය පොලිස් ස්ථානවල අපරාධ විමර්ශන අංශයේ රාජකාරි කරන කාලය තුළ අම්බලන්ගොඩ, ඇල්පිටිය ආදී ප්‍රදේශවල සිදු වූ මිනිස් ඝාතන පසුපස හඹාගොස් පාතාල අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව ක්‍රියාකිරීම පොලිස් පරීක්ෂකවරයා ඝාතනය කිරීමට මූලික හේතුව වී ඇති බව පොලිසිය සැකකරයි.
පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසිංහ අම්බලන්ගොඩ සහ මීටියාගොඩ අපරාධ විමර්ශන අංශය භාර ස්ථානාධිපතිවරයා ලෙසත්, ඇල්පිටිය කොට්ඨාසයේ නොවිසඳුණු අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙසත් කටයුතු කර ඇත.
එම කාලයේ දී දකුණේ ප්‍රබල පාතාල කල්ලියක අපරාධකරුවන් දෙදෙනකු වන “කරන්දෙණියේ සුද්දා සහ පොඩි ලැසී” යන දෙදෙනාට එරෙහිව බාලේන්ද්‍රසිංහ දැඩි ලෙස කටයුතු කිරීම නිසා මෙම අපරාධකරුවන් ඔහු සමඟ බද්ධ වෛරයකින් පසු වී කිහිපවතාවක්ම ඔහු මරාදමන බවට තර්ජනය කර ඇති බව ද සදහන් වේ.
ඒ හේතුවෙන් බාලේන්ද්‍රසිංහ ඝාතනය එම අපරාධකරුවන්ගේ මෙහෙයවීමෙන් සිදුවූවක් බවට විමර්ශන නිලධාරීන් සැක පළකරයි.
සාක්ෂිකරුවකුට බලපෑම් කළැයි රක්ෂිත බන්ධනාගාරගතව සිටි පොලිස් පරීක්ෂකවරයා ඇප මත නිදහස්ව පැමිණ දින 10කට පසු මෙසේ නාඳුනන තුවක්කුකරුවන්ගේ ඉලක්කයක් වී ඇති අතර, මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩුවකට සහභාගිවීම සඳහා සිය සහෝදරයා සමඟ යතුරුපැදියකින් ගොස් නැවත එමින් සිටිය දී රත්ගම දේවිනිගොඩ ඔහුගේ නිවෙස අසල දී මෙම ඝාතනය සිදු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart