
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දෙරට අතර අද කොළඹදී පැවැත්වීමට නියමිත වෙළෙඳ හා ආයෝජන රාමු ගිවිසුමේ (TIFA) 14 වැනි සභා රැස්වීමට සහභාගි වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ නියෝජිතයන් 20 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවල 75 වැනි සංවත්සරයට සමගාමීව මෙම රැස්වීම සංවිධානය කර ඇත.
තනි රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන ගමනාන්තය වන්නේ එක්සත් ජනපදයයි.
වසර 04 ක විරාමයකින් පසුව, මෙවර සභා රැස්වීම ඔස්සේ රටවල් දෙක අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීමට තුඩුදෙන වැදගත් ක්ෂේත්‍ර.රැසක් ආවරණය කිරීමට අපේක්ෂා කරයි.
ආයෝජන වාතාවරණයට බලපාන ප්‍රතිපත්ති, මෑතකාලීන ශ්‍රම ප්‍රතිසංස්කරණ, බුද්ධිමය දේපළ ආරක්ෂාව සහ බලාත්මක කිරීම, රේගු සහ වෙළෙඳ පහසුකම් සහ ඇඟලුම්, මැණික් සහ ස්වර්ණාභරණ සහ කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා වෙළෙඳ සහ වෙළෙඳපොළ ප්‍රවේශයට ඇති තාක්ෂණික බාධක යන මාතෘකා මෙහිද සාකච්ඡාවට ගැනීමට නියමිතය.
මේ රැස්වීමට සහභාගී වන දෙරටේ නියෝජිත කණ්ඩායම්වලට වෙළෙඳ, ආයෝජන, රේගු, ශ්‍රමය, බුද්ධිමය දේපළ සහ කෘෂිකාර්මික ක්ෂේත්රවල අදාළ ආයතනවල නිලධාරීන් ඇතුළත් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart