
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කතරගම ජාතික පාසලේ 11 වැනි ශ්‍රේණියේ පාසල් සිසුවියකට ලිංගික අතවර කළැයි සැකපිට 19 හැවිරිදි තරුණයකු කතරගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු කතරගම රජ මාවතේ පදිංචිකරුවෙකි.
පාසලේ විදුහල්පතිවරයාගේ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයේදී පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සිද්ධිය මීට මාස හයකට පමණ පෙර සිදුවී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
ප්‍රශ්න කිරීම්වලදී 16 හැවිරිදි දැරිය හෙළිකර ඇත්තේ සැකකරු සමඟ පෙම් සබඳතාවක් ඇති බවත්, පසුව ඇය දෙටගමුකන්ද ප්‍රදේශයට රැගෙන ගොස් එහිදී ඔහු ඇයගේ ඇඳුම් ගලවා වැළඳගෙන ඇති බවත්ය.
තමා දූෂණයට ලක් නොවූ බව ඇය ප්‍රකාශ කර තිබේ.
කෙසේවෙතත්, ඇය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කතරගම රෝහලට යොමු කර ඇත.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart